ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය සිදුකරනු ලැබුවේ ඊයේ දිනයේ වන අතර ගෝල්ඩන් කී අධ්‍යක්‍ෂවරු නම දෙනාගේ වත්කම් සොයා බලා ඒවා අත්පත් කර ගැනීම සඳහා නියෝගයක් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ යුතු බවද මෙහිදී මහ බැංකුවට නියෝග කෙරුණි.
මීට අමතරව, තැන්පතු කරුවන්ගේ හිඟ මුදල් ගෙවීම සඳහා අධ්‍යක්ෂවරුන්ගේ දේපොළ පවරා ගැනීමට පියවර ගැනීමටද තීන්දු කර තිබෙන අතර ඔවුන් සතු දේපොළ හඳුනා ගැනීමටත් ඒවා පිළිබඳව ඉදිරි පියවර ගැනීමටත් විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිතය.
මෙහිදී, තීරණය වී තිබෙන්නේ අවම වශයෙන් රුපියල් ලක්ෂ තුනකට අඩු මුදල් තැන්පතු කරුවන්ට මුලින් ගෙවීමටත් ප්‍රතිලාභ ලැබෙන පරිදි අනිකුත් තැන්පතු මුදල් සියළුම තැන්පතු කරුවන්ට සමාන පදනමකින් ගෙවීමටයි.
තැන්පතු මුදල් වලින් සියයට 41 කට වඩා ගෙවා ඇත්නම් ඒ සියලු දෙනාටම සම්පූර්ණ මුදල ගෙවා ඇති හැටියට සලකා ඔවුන් හිඟ මුදල් ගෙවීමේ වැඩපිළිවෙළින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2036787220