මේ දිනවල එක් තරා පිරිසක් බොහෝ සේ කතාකරන සියලූම කොටස් පාහේ පවතින මිලටවත් සත්‍ය වශයෙන් වටිනාකමක් නැති එක්කෝ පාඩු ලබන , නැත්නම් බොරු වංචා කර රිපෝට් හදන බව ඔප්පු වූ, එසේත් නැත්නම් ස්වාභාවික නොවන විකෘති ලාබ ලබන, නුදුරු අනාගතයේ ව්‍යාපාර කටයුතු සත්‍ය ලෙස ඉහල යනව යැයි කිසිම සඳහනක් නැති, සුලු කොටස් හිමියන් අතර කුඩා ප්‍රමාණයක් කොටස් ඇති , දින පතා එකම අය එහා මෙහා කරවන ඒවාය.
මේ අතරම ඉතා ස්ථිර ව්‍යාපාර සහිත වඩා සාධාරන මිල ගනන් වලට ගත හැකි කොටස් ද තිබේ. මොවුන් සත්‍ය වශයෙන් ම වටිනා සමාගම් ගැන කතා කරන්නෙ නැති තරම් ය.
අර වැඩකට නැති ජරාවල් ප්‍රමෝට් කරන අයගේ එක් ලක්‍ෂනයක් නම් හැම විටම ඒ ජාතියේම කොටසක් හෝ දෙකක් ඒ ඒ කාලවලදි ප්‍රමෝට් කිරීම සඳහා තෝරා ගැනීමය.
අවසානයේ මෙසේ ඉහල නංවන බොහෝ ඒවා ඉහලම මිලට ගන්නා අය අමාරුවේ වැටීමෙන් සෙල්ලම අවසන් වේ. ඉන්පසු තවත් එවැනීම ජරාවක් තෝරා ගෙන නැවත සෙල්ලම පටන් ගනිති. මෙයට බ්‍රෝකර් ස්ථාන වල ඉන්න වැඩකට නැති නම කැත කරගන් අපතයන් ද සෙට් වෙති.
තම තමන් ගේ චරිත ලක්‍ෂන තම තමන් වන් දනා කරන කොටස් හා ගැලපීම ඉතා පුදුමාකාරය.
පියුමෙහි පැණි බොති වණ බඹරූ
නිල මැස්සන් බොති මල වසුරූ