බොබ් කුණ්‌ඩන්මල් මහතා මෙහෙයවන සයිනෝ ලංකා හොටෙල්ස් හෝල්ඩින්ග්ස් සහ සංජීව් ගාඩිනර් මහතා මෙහෙයවන ක්‌වීන්ස් සහ කැන්ඩි හෝටල් හිමි කැන්ඩි හොටෙල්ස් සමාගම අතර බද්ධ ව්‍යාපෘතියක් වන මෙම OZO හෝටලයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
සුඛෝපභෝගී කාමර 128 කින් සමන්විත මෙම හෝටලය ඉදිකෙරෙන්නේ නුවර වැව ආසන්නයේ පිහිටි සුවිස් හෝටලයට එපිටිනි. OZO යනු අත්දැකීම් මෙන්ම නිදහසද සිතට දැනෙන අපේක්‍ෂාවෙන් යුත් සංචාරකයන් සඳහා සේවා පිරිනමන තෝරා ගත් සේවා වෙළෙඳ නාමයකි. හෝටලයේ කළමනාකරණ කටයුතු සිදුකරන්නේ ආසියානු පැසිපික් සහ මැද පෙරදිග හෝටල් රැසක් මෙහෙයවන තායිලන්තයේ ආගන්තුක සත්කාරක සමාගමක් වන ඔනික්‌ස් සමාගමය. සියලු පහසුකම් සහිතව ඉදිකෙරෙන මෙම OZO හෝටලය ශ්‍රී ලංකාවේ දෙවැනි OZO හෝටලය වන අතර එහි පළමු වැන්නේ ඉදිකිරීම් කොළඹදී මේ වන විට ආරම්භ කර ඇත. ගාල්ලේදී තෙවැනි OZO ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.
මහනුවර ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවස්‌ථාවට එක්‌වූ සයිනෝ ලංකා හොටෙල්ස් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමේ සභාපති බොබ් කුන්ඩන්මල් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශීඝ්‍ර වර්ධනයක් කරා ගමන් කිරීම සතුටට කරුණක් බවත් ඒ සඳහා පූර්ණ දායකත්වය දීමට සූදානම් බවත්ය. එමෙන්ම ඔනික්‌ස් සමාගම සමග හවුල් වීමට ලැබීම පිළිබඳව සතුටු වන බවද සභාපතිවරයා කීවේය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් කොටස්‌කරුවකු ලෙස කටයුතු කිරීමට හැකිවීම ගැන සතුටු වන බව මේ අවස්‌ථාවට එක්‌වූ කැන්ඩි හොටෙල්ස් සමාගම්හි සභාපති සංජීව් ගාඩිනර් මහතා සඳහන් කර සිටියේය....
http://www.divaina.com/2012/08/31/velanda02.html