Thanks for good article to investors who invest based on future earnings and prediction.crs wrote:බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රය තුළ, LOLC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මෑතකදී ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) පිහිටුවූ අතර එහි මුළු වත්කම් වටිනාකම රු.බි. 311කි. එය බැංකු නොවන මූල්‍ය ආයතන ස්ථාවර කිරීමේ මහ බැංකු ප්‍රධාන සැලැස්මට අනුකූලව සිදුකරන ලද්දකි. ඒකාබද්ධ ආයතනය 2022 මාර්තු 31න් අවසන්වූ මූල්‍ය වර්ෂය තුළ රු.බි. 25.6ක බදු පෙර ලාභයක් සහ රු.බි. 23.5ක බදු ගෙවීමෙන් පසු සුවිසල් ලාභයක් වාර්තා කළේය. LOLC ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයද සාර්ථක මූල්‍ය වසරක් වාර්තා කළ අතර, එහි බදු ගෙවීමෙන් පසු ලාභය රු.මි. 389කි. ඉදිරිය දෙස බලමින් සමූහය ජීවන රටාව පදනම් කරගත් ගෙවීම් වේදිකාව, iPay ග්ලෝබල් හදුන්වා දුන් අතර, එමඟින් සමූහයේ මූල්‍ය සේවා මෙහෙයුම්වලට සිය නව්‍යකරණය සහ ගෝලීය දැක්ම පිළිබිඹු කරමින් ගෝලීය වෙළෙඳපළ හමුවේ අති නවීනත්වයක් හිමිකර දේ.
කර්මාන්තයේ නායකත්වය දේශීය හා ජාත්‍යන්තර යන තලයන් දෙකෙහිදීම සමාගමට පිළිගැනීමක් හා කීර්තියක් ගෙන දෙයි. 2021/22 වසරේදී, LOLC ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් නව්‍යකරණය වූ මූල්‍ය සේවා සන්නාමය සහ ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සේවා සන්නාමය ලෙස, 2021 ගෝලීය සම්මාන තිළිණ ප්‍රදානයේ (Global Brand Awards 2021) 9 වනි කලාපයේදී පිදුම් ලැබීය. 2022 ස්ලිම් කැන්ටාර් (SLIM-Kantar Peoples Awards 2022) ජනතා සම්මාන උළෙලේදී වසරේ මූල්‍ය සේවා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ LOLC ෆිනෑන්ස්, ලංකා ක්ලියර් සංවිධානය කළ 2022 ලංකා – පේ ටෙක්නොවේෂන් සම්මාන ප්‍රදානයේ 4 වැනි කලාපයේදී සම්මාන 5ක් හිමිකර ගනු ලැබීය.
මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වසරේ බැංකු නොවන මූල්‍ය ආයතනයට පිරිනැමෙන රන් තිළිණය. පාරිභෝගික පහසුව සැලසීමේ විශිෂ්ටත්වය උදෙසා වසරේ බැංකු නොවන මූල්‍ය ආයතනය, විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් ක්‍රමෝපාය සඳහා වසරේ මූල්‍ය ආයතනය, සිල්ලර ගෙවීම් සඳහා හොඳම ජංගම යෙදවුම, (බැංකු සහ බැංකු නොවන); සහ අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම් (බැංකු නොවන මූල්‍ය ආයතන) සඳහා සමස්ත විශිෂ්ටත්වයට පිරිනැමෙන සම්මානය, මෙන්ම වඩාත් ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් නිපැයුම (බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන) ජංගම යෙදවුම සඳහා කුසලතා සම්මානය එම සම්මාන අතර වෙයි.
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..
All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE
www.srilankachronicle.com